― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබලපත්‍ර යටතේ වාහන ආනයනය කරන අයගේ නම් ප්‍රසිද්ධ කරයි

බලපත්‍ර යටතේ වාහන ආනයනය කරන අයගේ නම් ප්‍රසිද්ධ කරයි

සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය, ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, අද (22) දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව ප්‍රකාශ කරන අතරවාරයේයි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බවයි.