23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් ඉන්නේ කියලා දන්නවා නම් සත පහක් දෙන එකක්...

බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් ඉන්නේ කියලා දන්නවා නම් සත පහක් දෙන එකක් නැහැ

IMF එක පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගැහුව කියල පිම්බෙන්න හදන්න එපා. මේ වගේ බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් මේ රටේ ඉන්නේ කියලා IMF එක දැනගත්තොත් ඉදිරියේදී සත පහක් දෙන එකක් නැහැ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලංකා හොස්පිටල් වල තියෙන රජයේ කොටස් විකුණන්න පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණයක් අරගෙන තියෙනවා. මේ ලාභ ලබන ඒවා විකුණන්නේ ඇයි. මේවා දකින කොට අපිට කියන්න වෙන්නේ කපුටු කාක් කියලා තමයි. ජනාධිපතිතුමා කැමතිනම් පිළිතුරු දෙන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලා තමයි මුලින් කිව්වේ. ලාභ ලබන ඒව විකුණන්නෙ මොකටද. ලාභ ලබන ඒවා ගන්නෙත් පිටරට අය නම් ඩොලර් පීඩනය අඩු වෙනවද වැඩි වෙනවාද. එ අය රුපියල් ඩොලර් කරල ගෙනියන්නෙ. කරුණාකරලා IMF එකෙන් අහල හරි මට මේකට පිළිතුරක් දෙන්න.