31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews“භූමිතෙලා” අත්අඩංගුවට

“භූමිතෙලා” අත්අඩංගුවට

මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින භූමිතෙලා නම් සැකකරු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලින් අනතුරුව අත්අඩංගුවට පත්වී ඇත්තේ පසුගිය 20 වනදායි.

සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 3.8 උණ්ඩ යොදන රිවොල්වරයක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැඳවුම් නියෝග ලබා ගත් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඔහු බෙලිඅත්ත පොලිසියට භාරදී තිබුණා.

අනතුරුව ඔහු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අප්‍රෙල් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.