28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ - ඇමති විදුර

මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ – ඇමති විදුර

මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුදලට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවයි.

මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවත් මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.