25.6 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන හිතන්න" - වෙල්ගම

“මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන හිතන්න” – වෙල්ගම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දවමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව අද සතුටු විය යුතු බවයි.

මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා. අල්ලන හොරෙක් නැහැ. හොරු නම් දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ. ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට සහයෝගය දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ගන්න බැහැ කියලා රටේ ගොඩක් අය කිව්වා. නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවා. විපක්ෂයත් ගෙනාවා. නමුත් ජනාධිපතිතුමා ඒ මුදල් ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.”