― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිදියගම 'මීරා' පැටවුන් 04ක් බිහිකරයි

රිදියගම ‘මීරා’ පැටවුන් 04ක් බිහිකරයි

රිදියගම සෆාරි උද්‍යානයේ වාසය කරනු ලබන ‘මීරා’ නම් සිංහ ධේනුව විසින් පැටවු 04 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය හේමන්ත අමරසේකර පවසනවා.

පසුගිය 18 වැනිදා මෙම පැටවුන් සිව්දෙනා සිංහ ධේනුව විසින් බිහි කළ බවත් එම පැටවුන්ගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර දෙදෙනෙකු මව විසින් ප්‍රතික්ෂේප කළ බවයි අමරසූරිය සඳහන් කළේ.

පැටවුන් බිහි කළ සිංහ ධේනුව වයස අවුරුදු 05ක පමණ සත්වයෙකු වන අතර එම සත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුනු සිංහ ධේනුවක් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කර පෝෂණය කරන බව සඳහන්.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ පැටවුන් බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරන බවයි. මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළම ඉපදුනු සත්වයන් වනවා.

ඉතිරි සිංහයින් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් රැගෙන විත් තිබෙනවා. මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක්ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින අතර තව සති කිහිපයකින් ඔවුන්ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත අමරසේකර සඳහන් කළා.