27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි කාර්මිකයෙකුට දෙඅත් අහිමි කළ පරණ කෝන්තරය

විදුලි කාර්මිකයෙකුට දෙඅත් අහිමි කළ පරණ කෝන්තරය

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකුගේ අත් දෙක වෙන් වෙන්න කඩුවකින් කපා එය නැවත බද්ධ කිරීමටවත් ඉඩ නොතබා සැකකරු විසින් ඊයේ (21)රැගෙන ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලිසිය සඳහන් කරනවා.

පහර දීමට ලක් වූ සැනින් ප්‍රදේශවාසීන් වෙතින් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් තුවාලකරුගේ නිවැසියන්ගෙන් මොරටු පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කොට ඇති අතර වැලමිට ලගින් වෙන් වෙන්න කැපු විදුලි කාර්මිකයාගේ අත්දෙක සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු විසින් ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

 ප්‍රදේශ්යෙන් පළා ගිය සැකකරු සහ කපා වෙන්කොට ගෙන ගිය අත් දෙක සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.

කපා වෙන් කරනු ලැබු අත් දෙක තිබුණේ නම් එය තුවාලකරුට බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.