28 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙරොයින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 220ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණයේ පූර්වගාමී වනතුරු මොහොමඩ් ඉර්ෂඩීන් විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ. 2013 වසරේ පෙබරවාරි මස 8 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 220ක් තිබූ බවයි රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තා කළේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී තිබෙන බවයි. ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.