25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

එම තරගාවලිය නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ .

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48කින් සමන්විත එම තරගාවලිය දින 46කදී පැවැත්වෙයි.

එම මෙම තරග අහමදාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්මසාලා, ගුවහාටි, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, ඉන්දෝර්, රාජ්කොට්, මුම්බායි ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් 19 වනදා ලොව විශාලතම ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් මේ වනතෙක් නිකුත් නොකිරීම පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් ිදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.