ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය පිළිබඳව අද (22) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා පවසන්නේ විදේශ විනිමය තත්ත්වය දියුණුවීමත් සමග ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
IMF පළමු ණය මුදල ලැබුණු පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, හා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් මුලින්ම සපයා දීමට රජය අපේක්ෂා කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසුවා.