28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්පාරේ රෙදි කඩයක ගින්නක්

අම්පාරේ රෙදි කඩයක ගින්නක්

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුවල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

එම වෙළෙඳසල අගුළු දමා වසා තිබූ අතර අද අලුයම 3 ට වෙළෙඳසැල ගිනිගෙන තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව ගිනි නිවන ඒකකය සහ පොලිසිය හමුදාව එක්ව ගින්න පාලනය කර ඇති අතර ඉහළ මහල සහිත වෙළෙඳසැල් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර රුපියල් කෝටි 5කට අධික අලාභහානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලීසිය සැක පහල කරයි.