29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දියාවේ සිට WhatsApp ඔස්සේ මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට නියෝජිතයා මාට්ටු

ඉන්දියාවේ සිට WhatsApp ඔස්සේ මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට නියෝජිතයා මාට්ටු

හඳුනානොගත් පුද්ගලයකු වූ ඉන්දියාවේ සිa WhatsApp තාක්ෂණය මගින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ප්‍රධාන නියෝජිතයා මාලබේ මිහිඳු මාවතේ දී පානදුර වලාන දූෂණ මර්ධන බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු ග්‍රෑම් හතළිස් දෙකක්, ජාවාරම සඳහා යොදාගත් නවීන පන්නයේ ජංගම දුරකථන දෙකක්,බැංකු කාඩ්පත් තුනක් හා ප්‍රවාහනයට යොදා ගත් තිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන මද වේලාවක දී WhatsApp තාක්ෂණය ඔස්සේ සැකකරුගේ දුරකථනයට ඉන්දියාවේ සැඟව සිටින ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරීන් අමතා   මත්කුඩු වලට පහල උසාවියේ නඩුවක් දමන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බවත් පැවසූ බව පොලීසිය කියයි.

ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හඳුනා නො ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තා ඉන්දියාවට රැගෙන ගොස් ඩුබායි රටට යැවීම සඳහා  කටයුතු කළ පුද්ගලයා බව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු දකුණු පළාත සහ සබරගමු පළාත කේන්ද්‍ර කොටගෙන  මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම WhatsApp තාක්ෂණය ඔස්සේ ස්ථානය පෙන්වා ජාවාරමක මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර කීපයකට ඉහත දී ඉහත දී වෙනත් වරදක් සඳහා සිරගතව සිටියදී ඉන්දියාවේ සිටින ජාවාරම්කරු හඳුනාගත් බව  ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඕවිට දෙල් ඔලුව පදිංචිකරුවෙකි.සැකකරු මාලබේ පොලිසිය වෙත භාරදී ඇත.