27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටට

ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටට

ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි.

මෙම සංචාරය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ධූරාවලිය සමඟ අන්තර්ක්‍රියා කිරීම මෙන්ම පුහුණුලාභීන්ගේ දැක්ම පුළුල් කිරීම සඳහා හමුදා ආයතන සහ කාර්මික සංවිධාන සමඟ කටයුතු කිරීමට නියමිතය.

එම නියෝජිත කණ්ඩායම බත්තරමුල්ලේ පිහිටි ස්මාරකයේදී ඉන්දීය සාම සාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්, එච්. ඊ. ගෝපාල් බග්ලේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එයාර් මාර්ෂල් එස්.කේ පතිරණ සමඟ අදහස් හුවමාරු කර ගැනීමින් සංචාරය ඇරඹිය.

ඉන්දීය කණ්ඩායම ගාල්ල, හම්බන්තොට, දියතලාව, මහනුවර සහ කටුනායක යන ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිත අතර ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා විවිධ ආයතන සමඟ කටයුතු කිරීමටද නියමිතය.