26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්මා සොයාගෙන ගිය අයියයි නංගියි සැඩ පහරට හසු වී ගසාගෙන යයි

අම්මා සොයාගෙන ගිය අයියයි නංගියි සැඩ පහරට හසු වී ගසාගෙන යයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් දෙදෙනෙකු සැඩ පහරක ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

අද සවස බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලා යන කුඩා දිය පහරකින් එගොඩ වෙමින් සිටි ඔවුන් අධික වර්ෂාව සමග ඇදී ආ සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව සඳහන්.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10 වයසේ පසු වූ පිරිමි දරුවෙක් සහ ඔහුගේ 08 හැවිරිදි සොහොයුරියයි.

ඔවුන් මෙලෙස සැඩ පහරට හසුවී ඇත්තේ කුලී වැඩට ගිය මව නිවසට පැමිණීම පමා වීම හේතුවෙන් ඇය සොයා ගෙන ගිය අවස්ථාවේදී බවයි ගම්වාසීන් පවසන්නේ.

මෙම දරුවන් දෙදෙනා බෝගොඩ විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ සහ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ළමුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතත් පවතින අඳුර හේතුවෙන් ඊට බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.