අඩු ආදායම්ලාභි ගොවි පවුලකට මෙවර යල කන්නය සඳහා රුපියල් තිස්දහස බැගින් දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිස්ත්රික්ක 06ක ගොවි පවුල් හතළිස් අටදහසක් සඳහා එම සහන දීමනාව ලබා දීමට අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය එකඟත්වය පළ කර ඇත.
රුපියල් පහළොස් දහස බැගින් වාරික දෙකක් යටතේ මුලතිව්, වවුනියාව, ත්රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්රමාණයක වී වගාකරන ගොවි පවුල් සඳහා මෙම දීමනාව ගෙවනු ලැබේ.