රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ.
එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලිය හැකිද? නැද්ද? යන්න තීරණය කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.