27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා ඩොලරයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීම හමුවේ ජනතාවට සහන සැලසීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපොහොසත් වන්නේ නම් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කිරීමට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සමඟ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.