27.8 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝට්ටු තුනකින් ඇවිත් ලක්ෂ 6ක මාළු කොල්ල කාලා

බෝට්ටු තුනකින් ඇවිත් ලක්ෂ 6ක මාළු කොල්ල කාලා

ත්‍රිකුණාමලය කොටුව මුහුදේ මාලු අල්ලමින් තිබු ධිවර යාත්‍රාවක අල්ලන ලද මාලු තොගයක් ඊයේ (22) පස්වරුවේ තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.

ත්‍රිකුණාමලය කෝණේශ්වරන් කොටුව මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 11ක් ඈතින් මෙම මංකොල්ලය සිදු වි ඇති අතර එම යාත්‍රාවේ අල්ලන ලද රුපියල් ලක්ෂ හයක් වටිනා මාලු මෙසේ කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා ප්‍රදේශයේ පදිංචි ධිවරයන් පිරිසක් වරාය පොලිසියට පැමිණිලි කර ඇති අතර පිටත එන්ජින් සවිකරණ යාත්‍රා තුනකින් දහදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ධිවර පිරිස කියයි.

කොල්ලකෑමට රැගෙන ආ ධීවර යාත්‍රා තුනේ ලියාපදිංචි අංක පොලිසියට ලබාදි ඇති අතර සිද්ධීය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ  පවත්වාගෙන යයි.