27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජය සතු ආයතන 7ක කොටස් විකිණීමට තීරණය කරයි

රජය සතු ආයතන 7ක කොටස් විකිණීමට තීරණය කරයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.

පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය අද පස්වරුවේ නිවේදනය කළේ.

කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව වන්නේ,

ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී, සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ෆ්‍රැන්ඩ් හයට් ),හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය), සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම,ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී. යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවා සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීමට පළපුරුදු උපදේශන හෝ සංවර්ධන මූල්‍ය ආයතන පත්කර ගැනීමට නියමිතයි.

එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇති.

ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පලකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවළිය සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිතයි.