29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ - හිරුණිකා

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම ගැන විරුද්ධ පක්ෂවලට සතුටු විය හැකි බවයි මන්ත්‍රීවරිය එහිදී සඳහන් කළේ.

IMF මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදුන් සහයෝගයට විපක්ෂය ලෙස තමන් ගරු කරන බවත් ඇය එහිදී අවධාරණය කළාය.