28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්...

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අතුරු තනහම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, විජිත් මලල්ගොඩ, එච්. එම්. එන්. කේ. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි.

උපාධිධාරීන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබූ අතර පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ,විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු, අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.