― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ පරිසර දූෂණය, ජලය අපතේ හැරීම හා කාලගුණ විපර්යාස ජල අර්බුදය උග්‍ර වීමට හේතුවී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ජල සංවර්ධන වාර්තාවේ දැක්වෙන්නේ 2016 වසරේ මිලියන 933ක් වූ ජල හිඟයෙන් පීඩාවට පත් ගෝලීය නාගරික ජනගහනය 2050 වසර වනවිට බිලියන 1යි දශම 7ත් 2යි දශම 4ත් දක්වා ඉහළ යාමේ අවදානම පවතින බවයි.

පානීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ඉන්දියාව පත්වනු ඇති බවත් ජල හිඟයට මුහුණ දෙන ගෝලීය නාගරික ජනගහනයෙන් සියයට 80ක්ම ආසියානු රටවල ජනතාව බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.