― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවැඩි මුදලට රුධිර පරීක්ෂාවන් සිදුකළ ආයතන 8කට දඩ

වැඩි මුදලට රුධිර පරීක්ෂාවන් සිදුකළ ආයතන 8කට දඩ

පාලන මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා මුදල් අයකළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55ක දඩයක් අධිකරණ මගින් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලිමි අංශය විසින් මෙම වැටලිමි සිදුකර ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආයතන 05ක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

එහිදි එම ආයතන වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් ලක්ෂ 35ක දඩයක් නියම කිරීමටයි පියවර ගැනුණේ.

එසේම තවත් ආයතන තුනකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමේ දි ඔවුන්ට රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක් නියම කෙරුණේය.