27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව අසාර්ථක සහ බංකොලොත් රාජ්‍යයක් – ගැරී ආනන්දසංගරී

ශ්‍රී ලංකාව අසාර්ථක සහ බංකොලොත් රාජ්‍යයක් – ගැරී ආනන්දසංගරී

ශ්‍රී ලංකාව “අසාර්ථක හා බංකොලොත් රාජ්‍යයක්” බව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී පවසනවා.

ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයායි.

ගැරී සංගරී පවසන්නේ “ඕනෑම මිනුම් ප්‍රමිතියකින්, ශ්‍රී ලංකාව අසාර්ථක හා බංකොලොත් රාජ්‍යයක් බවට තක්සේරු වන බවයි.

ශ්‍රී ලංකාව දිගු කාලීන තිරසාරභාවය සහතික කරන දේශපාලන හා ආර්ථික නායකත්වයෙන් තොර රාජ්‍යයක් බවටත් ඔහු චෝදනා කළා.

දෙමල සුළුතරය වෙනුවෙන් ස්වයං නිර්ණ අයිතියක් ඉල්ලන ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවට චෝදනා කළා.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශ සම්බන්දයෙන් .කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජෑන් මහත්මිය විරුද්ධ මතයක් පලකරන අතර නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ G7 සහ පැරිස් සමාජය වැනි ගෝලීය ආයතනවල හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගැනීමට ලංකා රජය සමත්වී ඇති බවයි.