― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින රැළිය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් බවත් එම නිසා ලංකාවේ ඕනෑ ම තැනක මැයි දින රැලිය දැවැන්තව පැවැත්වීමට තම පක්ෂයට හැකියාවක් ඇති බවත්ය.

ඉදිරියේදී තම පක්ෂයේ මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව එහිදී පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බවයි.