27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත් සහල් මංගල්‍යයට සහල් රැස් කිරීම ඇරඹේ

අලුත් සහල් මංගල්‍යයට සහල් රැස් කිරීම ඇරඹේ

2022/23 මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාවගෙන් අලුත් සහල් එක්රැස් කිරීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක 24 තුළ අද හා හෙට ස්ථාන 24ක දී සිදු කිරීමටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම හෙට (25) පෙරවරුවේ ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

2023 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 වනදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැතිඇමැතිවරුන් මෙන්ම ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.