― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅවයව ගන්න ලාංකිකයන් හොරෙන් රට පැටවීම වැඩිවෙලා

අවයව ගන්න ලාංකිකයන් හොරෙන් රට පැටවීම වැඩිවෙලා

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් අතර මෙරට මිනිස් වෙළෙඳාමේ වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙ​ළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා කියා සිටියේ මිනිස් වෙළෙඳාම කොටස් තුනකට සිදුවන අතර ශරීර කොටස් ලබා ගැනීම සඳහා පුද්ගලයන් යොදා ගැනීම, රැකියා ලබා දෙන බවට පවසා නීති විරෝධී රැකියා ලබා දීම සහ කාන්තාවන් ගණිකා සේවය සඳහා යොදා ගැනීම ඒ අතර වන බවයි.

ඒ අතරින් ගණිකා සේවයේ යෙදවීම සහ බලහත්කාරයෙන් වැඩ ගැනීම යන අපරාධ වැඩි වශයෙන් වාර්තා වන බවත් ඉන් ශරීර කොටස් ලබා ගැනීම සඳහා පුද්ගලයන් යොදා ගැනීමේ අපරාධයන් පසුගිය කාලයේදී වාර්තා නොවූවද මෑතකදී වකුගඩු ලබා ගැනීමේ සිද්ධියක් වාර්තා වූ බවත් ඒ පිළිබද දැනට විමර්ශන සිදු කරමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

අපි පසුගිය දිනවලදී විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම ඩුබායිවලට සහ ඕමානයට පිටත් කර හැරියා. එතනදී ප්‍රකාශ 45ක් පමණ ගත්තා. තැනැත්තන් වෙළෙඳාම කියන අපරාධය සම්බන්ධයෙන් වින්දිතයන් 14දෙනෙකු හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. තවත් කණ්ඩායමක් දෙකක් ඕමාන් රාජ්‍යට පිටත් කළා. එහිදී පළමු කණ්ඩායම වින්දිතයන් 19දෙනෙකු හඳුනා ගත්තා. ඒ වගේම මෑතකදී තවත් කණ්ඩායමක් ඕමානයට ගියා. එහිදීද වින්දිතයන් 27දෙනෙකු හඳුනාගෙන තියෙනවා.