27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුබායි සිට පාතාලයේ 06ක් බූරු මූණා මෙහෙයවලා

ඩුබායි සිට පාතාලයේ 06ක් බූරු මූණා මෙහෙයවලා

බූරු මූණා සමඟ ඩුබායිහි රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 06 දෙනෙකු සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

බූරු මූණා විදෙස් රටවල හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තවත් අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර විදෙස්ගත ජාවාරම්කරුවන් ප්‍රමාද වන මත්ද්‍රව්‍ය මුදල් ලබා ගැනීම ඇතුළු විවිධ කටයුතු සඳහා පුද්ගලයන්ට තර්ජනය කිරීමට මෙන්ම බිය වැද්දවීම් සඳහාද බූරු මූණාගේ සහය ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේනමුත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.