26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලතා අතුකෝරළට අලුත් තනතුරක්

තලතා අතුකෝරළට අලුත් තනතුරක්

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙනවා.

ඇය ‍සභාපති ධූරයට පත්වූයේ ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, මංජුලා දිසානායක සහ මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙම කාරක සභාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන කැඳවීමේ බලය හිමි බවට ද මෙහිදි අනාවරණය වුණා.

මෙම රැස්වීමට රෝහිණි කුමාරි විජේරත්න, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, ඩී.වීරසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, ජගත් සමරවික්‍රම සහ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා.