25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වැසිකිළියේ දමාගිය බිළිඳාගේ දෙමාපියන් විවාහ වෙයි

දුම්රිය වැසිකිළියේ දමාගිය බිළිඳාගේ දෙමාපියන් විවාහ වෙයි

පසුගියදා මීනගයා දුම්රියේ වැසිකිළියක දමාගිය බිළිදාගේ මව සහ පියා විවාහ වූ බව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි විය.

පොලිස් භාරයට ගත් තම ජංගම දුරකථනය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් මෙම බිළිඳාගේ පියා විසින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ මෝසමක් ගොනු කර ඇති අතර එහිදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දරුවා පිළිබඳ විමසා ඇති අතර පසුගිය 18 වනදා ඔවුන් විවාහ වූ බවත් බිළිඳා සහ බිරිඳ කොස්සින්න ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින බවත් බිළිඳාගේ පියා අධිකරණයට දැනුම් දී තිබේ.