26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු අධිපති අධිකරණය හමුවට

මහබැංකු අධිපති අධිකරණය හමුවට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මහ බැංකු අධිපති ආචාර්ය. නන්දලාල් වීරසිංහද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගතව තිබූ තාක්ෂණික කරුණු කීපයක් පිළිබඳ මහ බැංකු අධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු පැහැදිළි කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ.