26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ මුද්‍රණාලයාධිපතිනිය තවත් මිලියන 1000ක් ඉල්ලයි

රජයේ මුද්‍රණාලයාධිපතිනිය තවත් මිලියන 1000ක් ඉල්ලයි

ඉදිරි දින කිහිපය තුළ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ පැවසුවාය.

ඇය සඳහන් කළේ සාමාන්‍යයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වියදම් සඳහා මිලියන 4000ක පමණ මුදලක් අවශ්‍ය වන බවත් රජයේ මුද්‍රණාලයේ හිඟ පවතින දෛනික වියදම් පියවා ගැනීම සඳහා එම මුදල ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

පසුගිය මැයි මාසයේ සිට මුද්‍රණ දෙපාර්තමේන්තුවට සේවක වැටුප් සහ දීමනා ගෙවීම සඳහා පමණක් මුදල් ලබා දී ඇති බව පැවසූ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ මැතිවරණ වියදම් සඳහා මුලින් ලබා දුන් මිලියන 40 ට අමතරව කිසිදු මුදලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.