29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෑන් රථයක් හා ජීප් රථයක් ගැටීමෙන් 08 දෙනෙක් රෝහලට

වෑන් රථයක් හා ජීප් රථයක් ගැටීමෙන් 08 දෙනෙක් රෝහලට

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ අද (24) දහවල් වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.

බටුඔය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 08 දෙනෙකු හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සියලුදෙනා වෑන් රථයේ ගිය අයයි.

වෑන් රථය කොළඹ සිට එරාවුර් බලාත් ජීප් රථය පොළොන්නරුවේ සිට හබරණ දක්වාත් ධාවනය වෙමින් තිබෙන අතරතුර මේ අනතුර සිදුවී තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ කුඩා ලමුන් හතරදෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොලිසිය පැවසුවා.

ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.