29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalIMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා - රංජිත් සියඹලාපිටිය

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකය වූ අමරිකානු ඩොලර් මිලියන 330 ක මුදලින් ඉන්දීය ණය වාරිකය ගෙවා දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

කෑගල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් මෙම ණය මුදලින් ගෙවා අවසන් කළ බවයි.