27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති කංචන හා ඉන්දීය නියෝජිතයින් අතර හමුවක්

ඇමති කංචන හා ඉන්දීය නියෝජිතයින් අතර හමුවක්

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා සහ ඉන්දීය නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව තිබේ.

බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මෙම හමුවේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කළ බවයි.

සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපතිවරයා ඇතුලු මෙරටට පැමිණ සිටින ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.