29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ජන්ම දිනය නිමිත්තෙන් මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

ජනපති ජන්ම දිනය නිමිත්තෙන් මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

මිහිඳු සෙත් මැදුර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා ඇති රණවිරුන් සඳහා අවධානය, අඛණ්ඩ රැකවරණය සහ සහාය ලබාදෙන නිවහනකි.

එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීම සහ තෑගි බෙදා දීම මෙහිදී සිදු කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද එම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙහිදී රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට තෑගි බෙදී දීමට එක් වූහ.

එමෙන්ම පෞද්ගලිකවම නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ කටයුතු සොයා බැලීමට ද පිරිස කටයුතු කළ අතර එක් රණවිරුවෙකුගේ ඉල්ලීම මත ජංගම දුරකථනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධකර ගනිමින් උපන්දින සුබ පැතුම් පිරිනැමීමට ද අවස්ථාව සළසා දුන්හ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශිරොන් ඒකනායක, මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක බ්‍රිගේඩියර් තුශාර බාලසූරිය යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.