29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්

මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල නව නීති සම්මත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නැවත වරක් ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන සිදුවීම් වන විරෝධතාකරුවන්, වෘත්තීය සමිති සාමාජිකයන්, සුළුතර ප්‍රජාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමිනුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කනස්සල්ල පළ කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කඩිනම් සහ ඵලදායී විමර්ශනයක් මෙන්ම රැඳවියන් සඳහා වන මූලික නීතිමය ආරක්ෂාවන්ට ගරු කරන ලෙස මානව හිමිකම් කමිටුව ඉල්ලා තිබෙනවා.

සුළු ජාතීන් සහ රජයේ විවේචකයන් ඉලක්ක කර වධහිංසා පැමිණවීම් හරහා පාපොච්චාරණ ලබා ගැනීමට භාවිතා කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව කමිටුව කනස්සල්ල පළ කර ඇතැයි සඳහන්.

මානව හිමිකම් කමිටුව යනු එහි රාජ්‍ය පාර්ශවයන් විසින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින්ගේ ආයතනයයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම ප්‍රවර්ධනය කිරීම කමිටුවේ කාර්යය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නීතිය, ප්‍රතිපත්ති සහ භාවිතයේ විවිධ වෙනස්කම් සිදු වනවා.