වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ, මේ වන විට රට තුල විදේශ සංචිත ඉහළ යාමත් සමඟමයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයෙන් හා මහ බැංකුවෙන් මෙතෙක් එම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලේකම්වරයා කියා සිටියේ.
මෙරටට අවුරුදු තුනක් තිස්සේ වාහන ආනයන කර නැති නිසා පාරිභෝගිකයන් සේම ආනයන කරුවන්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.