28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් මුහුදේ ගිලෙයි

සංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් මුහුදේ ගිලෙයි

කුඩා දරුවන් ඇතුලු සංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනිසියානු මුහුදේ ගිලි අතුරුදන් වී තිබෙනවා.

අප්‍රිකානුවන් පිරිසක් රැගත් මෙම යාත්‍රාව ඉතාලිය බලා ගමන් කරමින් සිට ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එය දින දෙකක් තුළ මෙම මුහුදු සීමාවේ ගිලි ගිය පස්වන සංක්‍රමණික යාත්‍රාව වන අතර, මේ දක්වා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් ඇති තවත් 67 ක් අතුරුදන් වී තිබෙනවා.

මේ අතර වියානිසියානු වෙරළාරක්ෂකයින් විසින් පසුගිය දින දෙක තුළ දී ඉතාලිය බලා පිටත්ව ගිය බෝධිටු 56 ක් සිය භාරයට ගනු ලැබුවා.
ඔවුන් විසින් මේ දක්වා රඳවාගෙන ඇති සංක්‍රමණිකයින් සංඛ්‍යාව 3000ක්.

ටියුනීසියාව යුරෝපය කරා සංක්‍රමණය වීමට හැකි මර්මස්ථානයක් ලෙස සැළකෙන අතර, මේ වසරේ ඉතාලියට පැමිණි සංක්‍රමණිකයින් අතරින් 12,000ක් පමණ ඒ හරහා ගොස් ඇති බවටයි වාර්තාවන්නේ.