25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරකමේ ගිහින් අධිකරණ 5කින් වරෙන්තු තිබූ අයෙක් අත්අඩංගුවට

හොරකමේ ගිහින් අධිකරණ 5කින් වරෙන්තු තිබූ අයෙක් අත්අඩංගුවට

සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයන් විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මීට පෙර වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවේ දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව සහ පල්ලම – තෝරවටවන ප්‍රදේශවල පදිංචිව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මාර්ගයේ නවතා ඇති ස්කූටර් වර්ගයේ යතුරුපැදිවල ආසනය යට ඇති බක්කිය විවෘත කර එහි තිබෙන භාණ්ඩ සැකකරු විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මුදල්, රන් ආභරණ, ඒ.ටී.එම් කාඩ් පත් වැනි වටිනා දෑ සොරකම් කිරීම සැකකරු විසින් සිදුකරගෙන ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

තොඩුවාව, වෙන්නප්පුව, දංකොටුව,මාරවිල, කොස්වත්ත, මාදම්පේ, පල්ලම, ආණමඩුව, වැලිපැන්න සහ කොබෙයිගනේ යන පොලිස් වසමේ වලදී සැකකරු සොරකම් 17ක් සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු විසින් දංකොටුව ප්‍රදේශයේදී යතුරුපැදියක තිබී රුපියල් 333,000 ක මුදලක් සහිත බෑගයක් සොරකම් කර ඇති අතර, එම හිස් බෑගය දංකොටුව, ගෝනාවිල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු අවස්ථා කීපයකදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මාරවිල, කුලියාපිටිය, ආණමඩුව, නිකවැරටිය සහ හලාවත මහේස්ත්‍රාත් අධිකරණ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙන බවද තොඩුවාව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.