27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආයුධ සමඟ ඇල්ලූ කපුවා රිමාන්ඩ්

ආයුධ සමඟ ඇල්ලූ කපුවා රිමාන්ඩ්

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තියුණු කඩු හතරක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අප්‍රේල් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ, අස්සැන්නවත්ත ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් සිටි සැකකරුට මෙම නියෝගය ලබාදුන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මියයි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මංජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුව 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවිය සැකකරු සන්තකයේ තිබියදීත් තියුණු කඩු හතර සැකකරුගේ දේවාලය තුළ සඟවා තිබියදී පෑලියගොඩ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනුයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

එම ගිනි අවිය සහ කඩු යම් අපරාධයක් සිදු කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව අධිකරණයේදී පොලිසිය ප්‍රකාශ කළා.