― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමරිකාවේ ටොනේඩෝවකින් 26ක් මරුට

ඇමරිකාවේ ටොනේඩෝවකින් 26ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ දැවැන්ත සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ වන විට ආපදාවට පත්වූවන් සෙවීම් සහ බේරා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටු හේතුවෙන් ග්‍රාමීය නගර කිහිපයක් විනාශ වූ අතර බටහිර ෂර්කි ප්‍රාන්තයේ රෝලිං ෆෝක් නගරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.

මෙම හානියට ප්‍රතිචාර දැක්වීම සඳහා මිසිසිපි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බවයි.

ජනතාවට යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට බලධාරීන් එක්ව කටයුතු කරන බවටයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

අද උදෑසන ඇලබාමා සහ ජෝර්ජියාවේ ප්‍රදේශවලට තවත් කුණාටුවලින් බලපෑම් එල්ල වනු අනාවැකි පළවී ඇති අතර විශාල හිම පතනයක් ද සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මිසිසිපි හරහා ගිය ටොනේඩෝවෙන් ප්‍රාන්තය පුරා ජනතාවට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙම ටොනේඩෝව පැයක පමණ කාලයක් පොළව මත රැඳී සිට ඇති අතර ඉන් සැතපුම් 170ක් (කිලෝමීටර් 274ක්) පමණ දිගට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.