― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් දි විහිළුවක් කරලා

ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් දි විහිළුවක් කරලා

කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැරිය බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.

මෙම සිසුවා ඊයේ (25) පස්වරුවේ ජංගම දුරකථනයෙන් තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දෙමින් එහි බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇත.

ඇමතුම අනුව නිලධාරීන් එම පර්යන්තය පරික්ෂා කිරීමේදී විනාඩි කිහිපයකින් නැවතත් එම සිසුවා ඇමතුමක් ලබා දෙමින් තමන් සිදුකළේ විහිළුවක් බවට දැනුම් දී ඇත.

අදාල සිසුවා පොලිසියට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර සිසුවා මෙම ක්‍රියාවේ බරපතල බව නොදන්නාකමට සිදුකළ ක්‍රියාවක් බවට අනාවරණය වීම පසුව ඔහුට තරයේ අවවාද කර මුදා හැරිය බව පොලිසිය පවසනවා.