27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ මුහුදේ ගසාගෙන යන්න ගිය එකම පවුලේ සිවු දෙනෙක් බේරා ගැනෙයි

මහ මුහුදේ ගසාගෙන යන්න ගිය එකම පවුලේ සිවු දෙනෙක් බේරා ගැනෙයි

පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ 4 දෙනෙකු දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී බේරා ගැනීමට පානදුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද සමත් වී තිබෙනවා.

මෙලෙස ගසාගෙන ගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 හා 35 වයස්වල පසුවන අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු 13 සහ 29 වයසේ පසුවන සහෝදරයා සහ සහෝදරියයි.

මෙම 4දෙනා අද සවස 4.30ට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන ආකාරය දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් වෙරළ තීරයට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

ඊට වෙරළාරක්ෂක නිලධාරීන් ද සහාය දක්වා ඇති අතර බේරා ගත් 4 දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.