― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමාස 2ක රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න IMF ණය මුදලෙන් කොටසක් ගන්න වෙනවා...

මාස 2ක රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න IMF ණය මුදලෙන් කොටසක් ගන්න වෙනවා – බන්දුල

අලුත් අවුරුදු සමය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට මාස දෙකක වැටුප් ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ලබා ගැනීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල වැටුප් ගෙවීමට ණය මුදලින් කොටසක් ලබාගන්නා බවයි.

මාර්තු මාසයේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා ඇතුලු එදිනෙතා වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන 196ක් ඇස්තමේන්තු කර ඇති අතර එම මාසයේ ආදායම වශයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ බිලියන 173ක් වන බව ඔහු කියාසිටියා.

ඒ අනුව මාර්තු මාසයේ බිලියන 23ක අඩුපාඩුවක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට අමතරව ගෙවිය යුතු ණය මුදල් සඳහා බිලියන 500කට වැඩි මුදලක් අවශ්‍ය බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ හේතුවෙන් මාස දෙකක වැටුප් ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු ණය වාරිකයෙන් කොටසක් භාවිත කරන බවට භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදලින් කොටසක් ඉන්දීය ණය වාර්කයක් පියවීමට යොදාගත් බවයි පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකයෙන් කොටසක් ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය පෙරේදා ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වනවා.

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවයි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ.