28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අදාළව විවිධ කමිටු පත් කරමින් ප්‍රජාතන්ත්‍රීය මහජන නියෝජිත ආයතන විධායකයේ ග්‍රහණයට ගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ඉන් මහජන නියෝජිත ආයතනවල පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වන බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි නීතිඥ ඩි.එම් දිසානායක මහතා සඳහන් කළේ.

මෙම අවස්ථාවේ සිදුකළ යුත්තේ කමිටු පත් කිරීම නොවන බවත්, මැතිවරණ නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම බවත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

මේ අතර දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ (25) පියවර ගත්තේ ය.