27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමේ වෙලාවේ අපිව මානසිකව වට්ටන්න එපා - චාමික ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි

මේ වෙලාවේ අපිව මානසිකව වට්ටන්න එපා – චාමික ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි

මෙවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙවැනි අවස්ථාවලදී ක්‍රීඩයින්ට සමාජ ජාල හරහා මඩ ප්‍රචාර සිදුකරන බවයි අද (25) තරගයෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

“ඇත්තෙන්ම කනගාටුයි. ඉතිහාසයේ ගොඩක් වෙනස්කරපු ක්‍රීඩකයෝ ගෙනාපු රටක් තමයි ලංකාව. ඉතින් ඒ වගේ රටක් විදිහට අපි ඉන්නකොට අපි ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම ගැන සතුටු වෙන්න බැහැ. සෑහෙන්න කනගාටුයි, සෑහෙන්න දුකින් ඉන්නේ.

ක්‍රීඩාගාරයෙත් කට්ටිට සෑහෙන්න දුකකින් ඉන්නේ. ඉතින් මේ වගේ අසීරු අවස්ථාවලදී සමහර වේලාවට සමාජ ජාල හරහා ක්‍රීඩකයින්ට මඩ වදිනවා.