― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයල කන්නයේ ගොවීන්ට වගාව සඳහා සහනාධාර මුදලක් දීමට රජයේ අවධානය

යල කන්නයේ ගොවීන්ට වගාව සඳහා සහනාධාර මුදලක් දීමට රජයේ අවධානය

ඉදිරි යල කන්නයේ දී අප රටේ සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා සහනාධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් සාකච්ඡා කළ බවත්, එහි දී ජනාධිපතිතුමා ඒ සහා එකඟත්වය පළ කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මුල්‍ය සහනාධාරය පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.

අප්‍රේල් මස 02 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අභිමුවෙහි පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් සහල් එක්රැස් කිරීම ඊයේයේ (25) ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී සිදු කළ අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“අපි ගොවි ජනතාවට එස සහනාධාර ලබා දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහායි. ඒ වගේම අඩු මිලට සහල් පාරිභෝගිකයින්ට ලබා දීමත් රජයේ අරමුණක්. ඒ නිසා රජය හැම විටම මේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවීන්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නවා. මඩ පොහොර නොමිලයේ ලබා දීම වැනි සහන හැරෙන්නට අනෙකුත් පොහොර සහනාධාරය සඳහා පමණක් මෙම වසරේ දී රජය විසින් රුපියල් මිලියන 59,000ක් වෙන් කර ඇතැයි” ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ දී මඩ පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත්තාක් මෙන් දැනට රුපියල් 10,000කට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.

එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක් තවත් සැළකිය යුතු මුදලකින් මිල අඩු කිරීමට ද කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් වීසින් ඇතැම් මාධ්‍යන්ට කළ ප්‍රකාශ ද වී කිලෝවක මිල රුපියල් 100ක් ලෙස රජය උපරිම මිලක් තීරණය කිරීමට බලපෑ බව සදහන් කළේය.

ගොයම් කැපෙන්නටත් පෙර ඇතැම් ගොවි නියෝජිතයෝ තම දිස්ත්‍රික්කවල වී කිලෝවක් රුපියල් 55ට හා 60ට අලෙවි වන බව ප්‍රකාශ කළෝය. මේ නිසා රජය රුපියල් 100ක් ලෙස තීරණය කළේ ඔවුන් සඳහන් කළ මිලට වඩා උපරිම මිලක් රජය විසින් ලබා දිය යුතු නිසා බව ද අමාත්‍යවරයා පැවසීය.