30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට දුප්පත්වීමට ප්‍රධානම හේතුව රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එක්ව සොරකම් කිරීමයි

රට දුප්පත්වීමට ප්‍රධානම හේතුව රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එක්ව සොරකම් කිරීමයි

රට දුප්පත්වීමට ප්‍රධානතම හේතුව 2015 වසරට පෙර මෙරට සංවර්ධනය සඳහා ලබාගත් මුදල්වලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එක්ව සොරකම් කිරීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තිබූ රට, එලෙස හොරකම් කිරීම තුළින් බංකොලොත් රටක් බවට පත් කිරීමට ඔවුන් කටයුතු කළ බවත්, අනතුරුව රට බංකොලොත් රටක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බද්දෙගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට අද (26) දිනයේ එක්වෙමින්.

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින්ගේ හොරකම් කිරීමේ ප්‍රතිඵලය අද දිනයේ ජනතාවට අත්විඳීමට සිදුව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.