25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිගණකාධිපතිගෙන් දැනුම්දීමක්

විගණකාධිපතිගෙන් දැනුම්දීමක්

රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී .සී. වික්‍රමරත්න මහතා පවසයි.

රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28 වැනි දින වන විට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

අදාළ රාජ්‍ය ආයතන භාර අමාත්‍යංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර ඇතැම් රාජ්‍ය ආයතන වසර 5 ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

එය නිවැරදි ක්‍රියාවලියක් නොවන බැවින් තමාට එම වාර්තා භාර ගැනීමට නොහැකි බවත් මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බවත් ඔහු පැවසුවා.